16 September 2025

logo

තායිලන්තයට ගිය මුතුරාජා ජාත්‍යන්තර මාධ්‍ය කළඹයි (PHOTOS)



පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට රැගෙන යාමට එරට බලධාරීන් කටයුතු කර තිබුණා. 
 
ඊයේ (02) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මෙම හස්තියා රැගෙන යනු ලැබුවා. 
 
වසර 22ක් පුරාවට මෙරට සිටි මුතුරාජාට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබා දීම සඳහා තායිලන්තය දක්වා මෙලෙස රැගෙන ගොස් තිබෙනවා. 
 
මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති කිරීමට සමත් වී තිබෙනවා. 
 
ඒ, මුතුරාජා මෙරට තුළ දී නොසලකා හරින ලද සහ අපයෝජනයෙන් ලක් වූ බව මාධ්‍ය හරහා වාර්තා කිරීමත් සමඟයි.
 
එහිදී මුතුරාජා නැවත තායිලන්තය වෙත ලබා ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තායි රජයට ස්තුතී කර තිබුණා.
 
මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අයුරු පහතින්.,
(colombotimes.lk)