25 May 2025


තණමල්විල තවත් රිය අනතුරක්



වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩා ඔය අලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ලොරි රථයේ පසුපස යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි පැදිකරු බරපතල තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)