13 December 2025

logo

සංචාරකයන් 988,669ක් දිවයිනට



මෙම මාසයේ මුල් දින 21 තුළ පමණක් දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම කාලය තුළ සංචාරකයන් 91,785ක් මෙරටට පැමිණ ඇති බවයි.

ඒ අතරින් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 988,669ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(colombotimes.lk)