13 December 2025

logo

ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය ඉන්දියානුවන් ගැන හෙළිදරව්වක්



ඉන්දු - පාකිස්ථාන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සන්නද්ධ ගැටුම්වලදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු වූ බවයි.

ඉන්දුස් ජල ගිවිසුම සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබාදෙන බවට එහිදී ඉන්දීය නියෝජිතයා පාකිස්ථාන නියෝජිතයාට චෝදනා කර තිබෙනවා.

කෙසේ වෙතත් එම චෝදනා පාකිස්ථානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය දශක 4 තුළ ත්‍රස්ත ප්‍රහාරවලින් ඉන්දියානුවන් 20,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.

(colombotimes.lk)