ලන්දේසි යටත්විජිත සමයේ දී වහල් සේවයට යෙදවූ පිරිසගෙන් නිල වශයෙන් සමාව ඉල්ලීමට නෙදර්ලන්තයේ විලෙම් ඇලෙක්සැන්ඩර් රජු කටයුතු කර තිබෙනවා.
ඒ නෙදර්ලන්තය තුළ වහල් සේවය නීත්‍යානුකූලව තහනම් කිරීමේ 160 වැනි අනුස්මරණය නිමිත්තෙන් පැවැත්වුණු උත්සවයකට එක්වෙමින්.
වහල් සේවයෙන් පීඩාවට පත් පිරිසට තමන් 'පෞද්ගලිකව හා දැඩි ලෙස' කනගාටුව පළකරන බව එහිදී රජු අවධාරණය කළා.
නෙදර්ලන්ත අගමැති මාර් රුටේ ද පසුගිය දෙසැම්බර් මාසයේදී මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියා.
(colombotimes.lk)