පැරීසියේ අයිෆල් කුළුණ (Eiffel Tower) නරඹන්නන් සඳහා ඊයේ (12) සිට හදිසි තත්වයක් මත වසා දමා තිබෙනවා.
ඒ, බෝම්බ තර්ජනයක් හේතුවෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ප්‍රංශ පොලිසිය සඳහන් කර ඇත්තේ, ආරක්ෂිත පියවරක් ලෙස එහි සිටි පිරිස ඉවත් කිරීමෙන් පසු අයිෆල් කුළුණ වසා දැමීමට පියවර ගත් බවයි.
තොරතුරු ලැබීමෙන් පසු බෝම්බ නිෂ්ක්‍රීය විශේෂඥයින් සහ පොලිසිය එම ස්ථානයට පැමිණ මෙය සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
අයිෆල් කුළුණෙහි කළමණාකාරීත්වය ප්‍රකාශ කළේ, මෙවැනි තත්වයකදී එය සාමාන්‍ය ක්‍රියා පටිපාටියක් වන අතර මෙවැනි තත්වයක් කලාතුරකින් සිදු වන්නක් බවයි.
පැරීසියේ අයිෆල් කුළුණ යනු ලෝකයේ වැඩිම සංචාරකයින් පිරිසක් නැරඹීමට පැමිණෙන ස්ථානයක් වී තිබෙනවා.
(Colombotimes.lk)
Eiffel tower currently being evacuated following a bomb threat. pic.twitter.com/jZxq6GLGWq
— Kevin (@Kevin1118791) August 12, 2023