01 July 2025

logo

එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ඉතිහාසගත වෙයි



ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු ලක්ෂ 5ක් රැස් කළ පළමු කණ්ඩායම ලෙස වාර්තා අතරට එක් වීමට එංගලන්තය සමත් වුණා.

ඒ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී එංගලන්තය රැස් කළ ලකුණු සමඟයි.

ඕස්ට්‍රේලියාව මේ වන විට ටෙස්ට් ලකුණු 428,000 ඉක්මවමින් වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ කණ්ඩායම් අතර දෙවන ස්ථානයේ පසුවනවා.

ටෙස්ට් තරග 586කදී ලකුණු 278,000 ඉක්මවමින් තෙවන ස්ථානයේ හිමි කරගෙන තිබෙන්නේ ඉන්දියාවයි.

(colombotimes.lk)