21 February 2025


පාතාලය අවසන් කිරීමට ජනපති සැරසෙයි



ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල සිට ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ 10වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

ඉදිරි කාලය තුළ අනිවාර්යෙන්ම පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු සිදු කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)