මේ වනවිට Meta සමාගමේ ත්‍රෙඩ්ස් (Threads) App එක පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
ඒ හඳුන්වා දී අඩුම කාලයකින් මිලියන 100ක පරිශීලකයින් ප්‍රමාණය හිමිකර ගැනීමේ වාර්තාවයි.
මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ, ChatGPT වෙතටයි. කෙසේ වෙතත් ChatGPT පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට මාස දෙකක කාලයක් ගත වී තිබුණා.
නවතම වාර්තා පෙන්වාදෙන්නේ සෑම පැය 4කට වරක්ම පරිශීලකයින් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් Threads සමඟ එක්ව ඇති බවයි.
Meta සමාගමේ නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඉදිරියේදී Threads වෙත නව වෙනස්කම් රැසක් එක්කිරීමට සූදානම් වන බවයි.\
(colombotimes.lk)