02 February 2026

logo

එංගලන්තයට එරෙහි පරාජයෙන් පසු දසුන්ට හිමි වූ අමිහිරි වාර්තාව



ජාත්‍යන්තර පන්දුවාර 20 තරග රටාව තුළ තරග 30ක් පරාජය වූ ICC පූර්ණ සාමාජික ආසියානු රටක පළමු නායකයා බවට පත්වීමට දසුන් ශානකට ඊයේ (01) සිදුවුණා.

ඒ ඊයේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවන T20 තරගය කඩුලු 6කින් පරාජයට පත්වීමත් සමඟයි. 

ඒ අනුව දසුන් ශානක ශ්‍රී ලංකා නායකයා ලෙස කටයුතු කළ T20 තරග 57න් තරග 30ක් පරාජයට පත්වී තිබෙනවා. 

මීට අමතර බාබර් අසාම් පාකිස්ථාන කණ්ඩායම මෙහෙයවූ තරග 85න් තරග 29ක් පරාජයට පත්වෙමින් මෙම අමිහිරි වාර්තාවේ දෙවන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. 

එමෙන්ම M.S දෝණි ඉන්දීය කණ්ඩායම මෙහෙයවූ තරග 72 තුළදී තරග 28ක් පරාජ වී ඇති බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)