23 October 2025

logo

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ගැන මහ බැංකුව කියයි



රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 19 වනදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බව සඳහන්.

එමෙන්ම දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් ද මෙලෙස වෙන්දේසියට නිකුත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)