පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (17) සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
(colombotimes.lk)
