02 July 2025

logo

ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගැන අවසන් තීරණය හෙට



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහු සඳහන් කළේ එම ජාතිය ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකරගේ නම යෝජනා කර ඇති බවයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පස්වරුවේ පවත්වා තිබෙනවා.

(colombotimes.lk)