25 May 2026

logo

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අදයි



ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහ පෙරහැර අද (10) රාත්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරම්භ වන පෙරහැර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ, ඉන් අනතුරුව එම මාර්ගය ඔස්සේ දේවාල මළුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව පිට වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කිරීමට නියමිතයි. 

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීදිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගමන් කිරීමෙන් පසු ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වෙනවා.

එමෙන්ම හෙට (11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය කැපීමට නියමිතයි. 

(colombotimes.lk)