සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබෙනවා.
කොළඹ ගිනි නිවීමේ හමුදාවේ ගිනි නිවන රථ 07ක් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් තිබූ ටැංකියක ඊයේ (10) රාත්‍රීයේ මෙම ගින්න හටගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල කාලයක් ගත වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අද (11) ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමටද නියමිතව තිබෙනවා.
(colombotimes.lk)