26 May 2026

logo

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද



නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ඊයේ (18) පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඊට අමාත්‍යවරුන් 22ක් ඇතුළත් වනවා.

මේ අතර නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා (21) දිවුරුම්දීමට නියමිතයි.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)