හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය 59 හැවිරිදි බොරිස් ජොන්සන් 8 වන වරටත් පිය පදවිය ලබා තිබෙනවා.
ඒ ඔහුගේ බිරිඳ වන Carrie Johnson ඉකුත් 5 වනදා බිළිදෙකුට උපත ලබා දීමත් සමඟයි.
බොරිස් ජොන්සන් අවස්ථා 3 කදී විවාහ වී ඇති අතර ඔහුට දෙවන විවාහයෙන් දරුවන් 4 දෙනෙකු සිටිනවා.
එමෙන්ම තවත් විවාහයකින් එක් ගැහැණු දරුවෙක්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඔහුගේ වත්මන් බිරිඳ පෙම්වතියව සිටි සමයේ එක් දරුවෙකුත්, විවාහයෙන් පසු තවත් දරුවන් දෙදෙනෙකුත් ඉපදී තිබෙනවා.
(colombotimes.lk)