colombotimes.lk
සිංහල | English

18 October 2024


පැරිස් ඔලිම්පික් උළෙලේ අවසන් දිනය අදයි



2024 ජූලි මස 26 වනදා පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භ කෙරුණා.

එය දින 15කට වැඩි කාලයක් පුරා පවත්වා තිබෙනවා.

මේ සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙවර ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් සටහනේ පෙරමුණ ලබා ගැනීමට චීනය සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් රන් පදක්කම් 39ක් හිමිකර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

රන් පදක්කම් සටහනේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට ඇමරිකාව සමත් වී තිබෙන අතර තෙවන ස්ථානය හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

(colombotimes.lk)