කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන ගොඩනැගිලි, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට ගෙන යාමට අදාළ ශක්‍යතා සම්බන්ධයෙන් අධ්‍යයනය ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
ඊට අදාළ ආරක්ෂක තත්ත්ව වාර්තා ද සලකා බලමින් සිටින බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළා.
එම අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් සමඟ සාකච්ජා වට කිහිපයක් පැවැත්වූ බවයි
කොළඹ නගරයේ පිහිටි වාණිජ වටිනාකමක් ඇති පෞරාණික ගොඩනැගිලි සංචාරක ආකර්ෂණිය ස්ථාන ලෙස සංවර්ධන කිරීමේ අරමුණින් එම වැඩසටහන ක්‍රියාත්මක බව ඔහු කියා සිටියා.
මෙම වැඩපිළිවෙල යටතේ කෝට්ටේ නගරයට ගෙන යන ස්ථාන පහතින්,
- ජනාධිපති මන්දිරය
- ජනාධිපති කාර්යාලය
- අග්‍රාමාත්‍ය කාර්යාලය
- අරලියගහ මන්දිරය
- කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලය
- විදේශ කටයුතු අමාත්‍යංශය
(Colombotimes.lk)