නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පවත්වා තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ විනිසුරුවරුන්, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් ද මෙම උත්සවයට සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව එහිදී නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සඳහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළ ඵලදායී සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල්කරණය වේගවත් කිරීමට කටයුතු කරන බවයි.
(colombotimes.lk)