19 April 2025


මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයන් ගණන ඉහළට



පසුගිය මාර්තු 3 වන දින සිට ඊයේ (16) දක්වා වූ කාලය තුළ මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයන් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ කාලය තුළ පක්ෂ ආධාරකරුවන් 62ක් සහ වාහන 14ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ අතර මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 38ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 138ක් ද වාර්තා වී තිබෙනවා.

(colombotimes.lk)