30 May 2026

logo

වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන හෙළි කරයි



මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් 840,000කට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 

එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි 01වනදා සිට අප්‍රේල් 22වනදා කාලය තුළ සංචාරකයන් 840,411ක් දිවයිනට පැමිණ ඇති බවයි. 

ඉන් වැඩි දෙනෙක් ඉන්දීය ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 176,465ක් ලෙසයි. 

එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයන් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අප්‍රේල් මස 01වනදා සිට 22වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 99,777දෙනෙක් දිවයිනට පැමිණ ඇති බවයි. 

(colombotimes.lk)