18 October 2025

logo

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය සඳහා තිබූ බාධා ඉවතට



ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය එල්ල කළ බාධා ඉවත් කර තිබෙනවා. 

ඒ අනුව ස්වීඩනයට 32වන නේටෝ සාමාජිකත්වය ලබාදීමට අදාළ යෝජනාව තුර්කි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 
 
තුර්කි ජනාධිපතිවරයා සහ ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ඊට අදාළ එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වනවා. 
 
මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් තුර්කියට සිය ප්‍රසාදය පළකර තිබෙන බව සඳහන්.
(colombotimes.lk)