20 May 2026

logo

බොරතෙල් බැරලයක මිල යළිත් ඉහළට



බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ වරායන් අවහිර කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අණ කිරීමත් සමඟ මෙලෙස මිල වැඩි වී තිබෙන බවයි.
 
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7%කින් ඉහළ ගොස් තිබෙනවා.

එහි මිල සටහන් වන්නේ ඩොලර් 102ක් ලෙසයි. 

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8%කින් ඉහළ ගොස් තිබෙනවා.

එහි මිල සටහන් වුණේ ඩොලර් 104.50ක් ලෙසයි.

(colombotimes.lk)