හෙටින් (26) ආරම්භ වන සති අන්තයේදී කොළඹින් බැහැරව නොයන ලෙස ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව දැනුම් දී ඇත්තේ, විදෙස් සංචාර ඇතුළු කොළඹින් බැහැර සියලු ගමන් අවලංගු කරමින් කොළඹ රැඳී සිටින ලෙසයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඒ බව මන්ත්‍රීවරුන් වෙත පෞද්ගලිකවම දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇති බව සඳහන්.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙලෙස දැනුම් දුන් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙන්ම විදෙස් සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණිමෙන් පසු ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ලබන 28 වැනිදා පස්වරු 5 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට ද නියමිතයි.
ඒ අනුව ලබන සෙනසුරාදා හෝ ඉරිදා දිනයේදී පාර්ලිමේන්තුව කැඳවීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වනවා.
(colombotimes.lk)