නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (06) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
එම නිවේදනයේ සඳහන් වන්නේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 50ට ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තම්නේතුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
