ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
(colombotimes.lk)