ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය මේ වන විට පොතුවිල් සිට 250km පමණ ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය හෙට (09) පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළදී හම්බන්තොට සහ කල්මුණේ අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.
එමෙන්ම හෙට (09) දිනයේදී නැගෙනහිර පළාතේත්, මුලතිව්, වව්නියාව, කිලිනොච්චිය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
ඌව පළාතේත්, නුවරඑළිය, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ. 
(colombotimes.lk)
