20 May 2026

logo

මේ මස අස්වැසුම දීමනාව හෙට බැංකු ගිණුම් වෙත



අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ගෙවීම් කටයුතු හෙට (22) අදාළ ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 617,406දෙනෙක් සඳහා අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තුන් බිලියන අසූ හත් මිලියන තිස් දහසක මුදලක් ගෙවීමට නියමිත බවයි.

එමෙන්ම දෙවන අදියරේදී අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 72,525දෙනෙක් සඳහා රුපියල් තුන්සිය හැට දෙමිලියන හය ලක්ෂ විසි පන්දහසක  මුදලක් ගෙවනු ලබන බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)