18 October 2025

logo

Toyota Yaris වර්ගයේ මෝටර් රථ තියෙන අයට අසුබ තොරතුරක් වාර්තා වෙයි



Toyota Yaris වර්ගයේ මෝටර් රථ 7,000 කට වඩා වැඩි ගණනක් නැවත කැඳවීමට එම සමාගම තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව 2020 ත් 2023 ත් අතර නිෂ්පාදනය කර ඇති Toyota Yaris පෙට්‍රල් සහ Hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා තිබෙනවා. 
 
Ascent Sport 1.5L Petrol Auto Hatch සහ Ascent Sport 1.5L Petrol Manual Hatch වර්ග වල මෙම නිෂ්පාදන දෝෂය හටගෙන තිබෙන බවයි වාර්තා කර ඇත්තේ.
 
එම මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස එම රථ යළි කැඳවා ඇති බවයි අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 
 
මේ අතර අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් සිටීනම් එම රථ පරීක්ෂාකරගැනීමක් සිදුකරගත යුතු බවයි Toyota සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ. 
 
ආසන්න වශයෙන් එම වර්ගයේ මෝටර් රථ 7,633කට ආසන්න ප්‍රමාණයකට ඉන් බලපෑමක් සිදුවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
(colombotimes.lk)
More than 7,000 cars are being recalled after a Toyota Yaris was found to have a manufacturing defect that could cause the suspension to collapse or detach
The cars affected were made between 2020 and 2023, including the hybrid model (pictured)