12 February 2026

logo

දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් අත්අඩංගුවට



දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක්ව එරට අපරාධ විමර්ශන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 2015 රැම් ස්ලෑම් විස්සයි 20 අභියෝගතා තරගාවලියේදී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
 
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලොන්වබෝ ටෝස්ට්, තාමී සොලෙකිල් හා එති බලාටි යන ක්‍රීඩකයන් තිදෙනාවයි.

අදාළ ක්‍රීඩකයන් තිදෙනා අවස්ථා 3කදී තරග පාවාදී ඇති බව හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)