22 February 2025


ශ්‍රී ලන්කන් මිලදී ගැනීමේ තරගයට සමාගම් තුනක්



ශ්‍රී ලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා අභිලාශ ප්‍රකාශයට පත් කළ සමාගම් 6ක් අතරින් තුනක් අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට කෙටි ලැයිස්තු ගත කර තිබෙනවා.

ඒ අතර දේශීය සමාගම් දෙකක් වන ශෙරිෆා සුප්‍රිම් සමූහය සහ හේලීස් සමාගම ද වන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ආසියානු අඩු ගාස්තු ගුවන් සේවයක් වන එයාර් ඒෂියා සමාගම ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය මිලදී ගැනීමේ අවසන් සුදුසුකම්ලාභීන් තිදෙනා අතර සිටින බව සඳහන් වනවා.

(colombotimes.lk)