14 March 2025


නෝටර්න්බ්‍රිජ්හී වෙළෙඳසැල් 03ක් ගිනි ගනියි



නෝටර්න්බ්‍රිජ් පොලිස් වසමට අයත් හගරාපිටිය ජම්බුතැන්න ප්‍රදේශයේ අද (14) අලුයම වෙළෙඳසැල් 03ක ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙලෙස ගිනිගෙන ඇත්තේ ගොඩනැගිලි ද්‍රව්‍ය, තොග සහ සිල්ලර ආහාර ද්‍රව්‍ය හා මැටි භාණ්ඩ අලෙවිසැලක් බවයි.

මෙම ගින්නෙන් සිල්ලර වෙළෙඳසැල සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර අනෙක් වෙළෙඳසැල් දෙක අර්ධ වශයෙන් විනාශ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගින්නෙන් සිදුවූ අලාභය තක්සේරු කර නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක කරන බවයි.

(colombotimes.lk)