26 May 2026

logo

පස්වරු 1න් පසු ගිගුරුම් සහිත වැසි



දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (01) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.     

(colombotimes.lk)