26 May 2026

logo

පළාත් කිහිපයකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි



මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ  සහ ඌව පළාත්වල අද (17) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
 
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. 

එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)