06 February 2026

logo

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි



මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)