06 February 2026

logo

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි



පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි. 

එමෙන්ම නැගෙනහිර පළාතේත්, නුවරඑළිය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
 
අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

(colombotimes.lk)