06 February 2026

logo

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි



මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)