colombotimes.lk
සිංහල | English

28 June 2024

ටයිටන් සුන්බුන් අතරින් මිනිස් අස්ථි බවට සැක කොටස් හමුවෙයි (PHOTOS)



ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතර තිබී මිනිස් අස්ථි බවට විශ්වාස කෙරෙන කොටස් කිහිපයක් හමු වූ බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසනවා. 

ටයිටැනික් නෞකාව වෙත ගැඹුරු කිමිදීමකදී පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ කොටස් කැනඩාවේ ශාන්ත ජෝන් හිදී ඊයේ ගොඩබා තිබෙනවා. 
 
සුන්බුන් අතර සබ් එකේ ගොඩබෑමේ රාමුව සහ පසුපස ආවරණයක් සොයාගත් බවයි නිලධාරීන් පවසන්නේ. 
 
එක්සත් ජනපද වෛද්‍ය වෘත්තිකයන්ගේ තීරණය ලබාදීමට, දේහ පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් සිදු කරනු ඇති බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. 
 
මේ අතර වෙරළාරක්ෂක බලකායේ සමුද්‍ර විමර්ශන මණ්ඩලය (MBI) වැඩිදුර විශ්ලේෂණය සහ පරීක්ෂණ සඳහා සාක්ෂි එක්සත් ජනපද වරායකට ප්‍රවාහනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
A US Coast Guard ship brought pieces of the sub ashore
Parts of what appear to be the sub
The porthole of the Titan sub appears to be among the wreckage brought ashore
Debris from the Titan submersible, recovered from the ocean floor near the wreck of the Titanic, is unloaded
Debris from the Titan submersible lifted by crane
Debris from the Titan are covered in tarp
Large wires from one metal part of the Titan debris can be seen
Debris from Titan submersible
Debris from Titan submersible
Graphic showing main pieces of the Titan submersible