විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර හමුවක් සිදු වී තිබෙනවා.
ඒ මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීවයි.
එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවත්නා මිත්‍රත්වය සහ උපායමාරිගික සහයෝගීතාව තවදුරටත් තර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය රටේ සංවර්ධනයට සහ කලාපීය සහයෝගීතාවයට සැලකිය යුතු ලෙස දායක වී ඇති බවද එහිදී අමාත්‍ය විජිත හේරත් අවධාරණය කළා.
(colombotimes.lk)