17 September 2025

logo

විදේශ සේවා ක්ෂේත්‍රයම ඩිජිටල්කරණයට



ජාවාරම් කරුවන්ගෙන් මුදා ගැනීම වෙනුවෙන් සමස්ත විදේශ සේවා ක්ෂේත්‍රයම ඩිජිටල්කරණයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, මේ හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදු වන අනිසි අතපෙවීම් සහ නීති විරෝධී ක්‍රියා නතර කිරීමටත් හැකියාව ලැබෙන බවයි.

ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශය විසින් මේ සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව සඳහන්.

මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මෙම අදහස් කියා සිටියේ, ඊයේ (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී 'ස්ථාවර රටකට සැවොම එක මගකට' යන මැයෙන් සංවිධනය කර තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින්.
(colombotimes.lk)

Open photo

Open photo

Open photo