colombotimes.lk
සිංහල | English

28 February 2024

පොහොට්ටුවේ විශේෂ හමුවක් අද



අද (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ එම පක්ෂයේ නායකයින් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතයි.

ඒ, පක්ෂ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදීයි.

දිස්ත්‍රික් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු නගරාධිපතිවරුන්, නියෝජ්‍ය නගරාධිපතිවරුන්, සභාපතිවරුන් මෙම හමුවට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු සඳහන් කළේ, පක්ෂයක් ලෙස ගතයුතු ඉදිරි තීන්දු, තීරණ සම්බන්ධයෙන් ඇතුළු වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)