සඳ ගමනට අදට (20) වසර 54ක් සපිරෙනවා.
1969 ජූලි 20 වැනි දින සඳ මත පා තැබූ මුල්ම මිනිසා ලෙස ඉතිහාසයට එක් වූයේ නීල් ආම්ස්ට්‍රෝන්.
එහිදී ඔහු ප්‍රකාශ කළේ ”මෙය මිනිසකුට කුඩා පියවරක් පමණි. නමුත් මිනිස් සංහතියේ යෝධ පිම්මකි” ලෙසයි.
මෙම සඳ ගමන සඳහා රටවල් 137ක් දායක වූ අතර ආතර් සී. ක්ලාක් ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා නිසා ශ්‍රී ලංකාවට ද එම කටයුත්තේදී සුවිශේෂ තැනක් හිමි වූ බව ආතර් සී. ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා පැවසුවා.
සඳ ගමනට රැගෙන ගිය මෙරට ජාතික කොඩිය, නීල් ආම්ස්ට්‍රොන් ඇතුළු පිරිස මෙරටට ස්තුති කළ ලිපිය, සඳෙන් ලබාගත් පාෂාණ කොළඹ ජාතික කෞතුකාගාරයේදී දැකගත හැකි බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ.
ඇපලෝ 11 සිට 17 දක්වා යානාවලින් සඳ මත පා තැබූ ගගනගාමීන් සංඛ්‍යාව 12ක්.
අවසන් වරට මිනිසුන් සහිත යානයක් සඳ වෙත යවනු ලැබුවේ 1972 දෙසැම්බර් මාසයේදීයි.
(colombotimes.lk)