මෙරට සිදු වූ දරුණතම ත්‍රස්තවාදී ප්‍රහාරයක් වන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) සත් වසක් සපිරෙනවා.
එම ප්‍රහාරයෙන් දිවි අහිමි වූ පිරිස නැවත සිහි කරමින් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ අද පෙරවරුවේ සෑම දේවස්ථානයකම මළවුන්ගේ සීනුව නාදකිරීම, විනාඩි 2ක නිශ්ශබ්දතාවය, ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන දැල්වීම, යාච්ඤා මෙහෙය සිදු කිරීමට නියමිත බවයි.
මේ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම දේවස්ථානය අවට විශේෂ රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බවයි.
ඊට සමගාමීව අද උදෑසන 7.00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් දේවස්ථානය අවට මාර්ගවල අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට ද කටයුතු කරන බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
