26 May 2026

logo

​පළාත් කිහිපයකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි



උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ප්පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 
එමෙන්ම බස්නාහිර පළාතෙත් පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.
 
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා අප්‍රේල් 05වනදා සිට 15වනදා දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවයි.
 
ඒ අනුව අද (06) දහවල් 12.13ට බේරුවල, ගුරුළුබැද්ද, රක්වාන, ගොඩකවෙල, උඩවලව සහ තණමල්විල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)