colombotimes.lk
සිංහල | English

02 May 2024

වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව ඉහළට



යාල සහ බූන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව ඉහළ දමා තිබෙනවා. 

ඒ රුපියල් 2,000 කින්. 
 
එම ගාස්තු ඉහළ දැමීම පෙබරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා පැවසුවේ. 
 
ඒ අනුව ඉහළ දැමූ ගාස්තු සටහන පහත පරිදි වනවා... 
 
  1. ටොයෝටා හයිලැක්ස් සහ මිට්ෂුබිෂි රථයක පැය 4 ක සංචාරයක ගාස්තුව රුපියල් 13,000 සිට රුපියල් 15,000 ක් දක්වා ද, දිනක සංචාරක ගාස්තුව රුපියල 28,000 සිට 30,000 දක්වා 
  2. මහේන්ද්‍රා මැක්සි සහ ටාටා රථයක පැය 4 ක සංචාරයක ගාස්තුව රුපියල් 11,000 සිට රුපියල් 13,000 ක් දක්වා ද, දිනක සංචාරයක ගාස්තුව රුපියල් 26,000 සිට 28,000 දක්වා 
යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ ජීප් රථ 475 ක් පමණ ලියාපදිංචි ව වී සිටින බවත් ඉන්ධන වියදම සහ වාහන අමතර කොටස් මිල ඉහළ යෑම නිසා මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)
May be an image of car, jeep and text