19 February 2026

logo

නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා



නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය මහ නගර සභා ශාලාව ඉදිරිපිට විශාල සයිප්‍රස් ගසක් කඩා වැටී තිබෙනවා. 

මේ හේතුවෙන් එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මන්තීරුවකට සීමා කර ඇති බවයි වාර්තා වන්නේ. 

නුවරඑළිය පොලීසිය සඳහන් කළේ ගස කපා ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇති බවයි. 

 
(colombotimes.lk)