02 January 2026

logo

ට්‍රම්ප් දකුණු කොරියාව සමඟ ගිවිසුමකට එළඹෙයි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාව සමඟ වෙළඳ ගිවිසුමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම ගිවිසුම යටතේ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ 25%ක තීරු බද්ද 15%ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
මෝටර් රථ, ට්‍රක් රථ සහ කෘෂිකර්මාන්තය ඇතුළු ඇමරිකානු නිෂ්පාදන ආනයන තීරුබදු නොමැතිව දකුණු කොරියාව තම වෙළඳපළට පිළිගන්නා බව ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)