colombotimes.lk
සිංහල | English

12 May 2024

විල්වත්ත දුම්රිය අනතුර: එන්ජිමට සහ දුම්රිය මාර්ගයට කෝටි ගණනක අලාභයක්



අද පෙරවරුවේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී, දුම්රියක කන්ටේනරයක් ගැටීමෙන් සිදුවූ අනතුරේදී එම දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුවී ඇති බවත් එම හානිය කෝටි ගණනක් වන බවත් දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පවසනවා. 

දුම්රිය එන්ජිමටදැඩි හානි සිදුවී තිබීම නිසා එම එන්ජිම වෙනත් එන්ජිමකින් ඇදගෙන යාමට සිදුව ඇති බවත් එයට සිදු වී ඇති හානිය තවමත් ඇස්තමේන්තු කර නොමැති බවත් සඳහන් කළා. 
 
අනතුරට පත්වූ පවුසි කාර්යාල දුම්රිය අද පස්වරු 2.00 ට පමණ ඉවත් කළා. දුම්රිය එන්ජිමට හා මැදිරි දෙකකට බරපතළ ලෙස හානි සිදුවී තිබෙනු දැකිය හැකි වූ අතර දුම්රිය මැදිරි වලට හිරවී තිබුණු කන්ටේනර් රථයේ කොටස් දොඹකර දෙකක ආධාරයෙන් පැත්තකට ඇද තබා දුම්රිය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා. 
 
දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් රැසකට හානි සිදුවී තිබෙන ඉන් අනතුරුව දැකගත හැකිවුණා. 
 
එම දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් යළිත් සවි කිරීමෙන් පසු දුම්රිය මාර්ග දෙකෙහිම ධාවනය කිරීමට කටයුතු කරන බවයි දුම්රිය බලධාරීන් සඳහන් කළේ.
(colombotimes.lk)