23 October 2025

logo

ගල්කිස්ස සිට KKS දක්වා සුඛෝපභෝගී දුම්රිය නැවතත්



අගෝස්තු මස 01 වැනිදා සිට ගල්කිස්ස සහ කන්කසන්තුරය අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 

සෑම සතියකම කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දිනපතා ධාවනය වන දුම්රියන් වලට අමතරව මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනයට එක් කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කළා. 
 
මෙම දුම්රිය ගල්කිස්සෙන් රාත්‍රී 10.00ට පිටත් වන අතර එහි ප්‍රවේශ පත්‍රයක මිල රු. 4000ක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
(colombotimes.lk)